මායා ලෝක




අප මහා බුදුරජානන් වහන්සේ අප හට දේශනා කලේ මාරයාගේ බැම්මෙන් නිදහස්වීමට. මාරයා යනුවෙන් මම අදහස්කලේ මායාවට මනසින් මවාගන්නා මායා ලෝකවලට. 

චක්කුවෙන් මායාවක්මවයි 
ශෝතයෙන් මායාවක් මවයි 
ඝානයෙන් මායාවක් මවයි 
ජිව්වාහෙන් මායාවක් මවයි 
කායෙන් මායාවක් මවයි 
මනෝ ආයතනයෙන් මායාවක් මවයි 

වේදනා දුක් සැප අදුක්කම වලින් මායාවක් මවයි 
සංඥාවෙන්  මායාවක් මවයි (හදුනා ගැනිම/ විශේෂයෙන් යමක් දැන ගැනීම)

තන්හාව කියන සැප වෙදනාව පිනවීමෙ ආසාවෙන්/සිතිවිලි  වලින්  මායාවක් මවයි.     
සිතිවිලි යනු මායාවකි. 


සමහරු මාන්නයෙන් මායා ලොකවල හිරවෙ. මාන්නය යනු මම අන් යට වඩා උසස් ය, පහත්ය, සමානය අසමානය යනසිතිවිලි හටගැනීමය. මම සෝවාන්ය,මම සකුර්ධා ගාමිය, මම අනාගාමිය, මම අරහත්ය යන සිතිවිලි වලිනිත් මාන්නය මායාව හටගනී. අවශ්‍ය වනුවේ සෝතාපන්න විම නොව හොදින් ධර්මා අවබෝදය නැතහොත් පංච උපාධානස්කන්දය  ගැන මනා අවබෝදයයි. චතුආර්ය සත්තිය අවබෝදයයි,සැක  නැතිකර ගැනිමයි. අවශ්ෂවන්නේ රහත් වීම නොව කෙලෙසුන් උගුලා මෝහය නැති කරදැමිමි. 

භාවනාවෙන් මම භාවනා කරනවා... මම අන් අයට වඩා උසස්ය කියා මාන්නයක් සමහරු ඇති කර ගනී. මෙයින් වන්නේ සිත තවත් අපිරිසුදු විමයි. සමහරු මගේ හිත පිරිසිදුය කියා මාන්නයක් මායාවක් භාවනාවෙන් ඇති කර ගනී. ඔවුන් සමහරක් විට ඇවිදින්නෙත් අමුතු විදිහට. මේ සියල්ල මෝහ ජනක මායා මවා පෑම්  සිතුවිලි.  

මම යනුද මායාවකී සිවිල්ලකී නැතහොත් සංඤාජනක සිතිවිලකි. සතිපට්ටානය අනුව නාමරුපය. මම කමල්ය කියා තම ශරීරය ගැන සිතීම මායාවකි. සිත ගැන සිතීමත් මායා ජනක සිථිවිල්ලකී. වේදනාව ගැන  සිතීමත්  මායාජනක සිථිවිල්ලකී. 

භාවනා ආලෝක, ද්හිබ්බ  ශබ්ද. දිබ්බ චක්කු, දෙව් ලොවවල් ගැන මැවිම මායාවකි මනසේ මායාවකී .
අතීතයේ ජීවත්විම මායාවකී, අනාගතයේ ජිවත්විම මායාවකී. අප සිහියෙන් සතියෙන් වර්තමානයේ ජිවත්විය යුතුය. 


කම්සැපවීදීමේ ආශාව, අලසගතිය, නිදිමත ගතිය( භාවනා සමාදියයි කියාද සමහරු නිදිමත ගතියෙන් සිටි). සිතේ නොසන්සුන් බව නැතහොත් සතියෙන් නොසිටිම. තරහ ගැනීමත් මායාවකි, සැකය ධර්මා අවබෝදයට බාදාවකී. 


අපට විවිද වේදනාවෝ ඇත සතුට අනිතියයි, දුක අනිතියය, ප්‍රීතිය අනිතියයි, කරුණාව දයාව අනිතියයි, දුක අනිතියයි සැප  අනිතියයි. ඒකාග්‍රතාව අනිතියයි. අනිතිය සියල්ල මායාවකී එමනිසා අපවටා තිබෙන සියල්ල මායාවකී. මාර බැම්මක් නැතහොත් මායාවකී. 


ශරීර ශක්තිය වයසට යනවිට අබල දුබල වීයයි. කය රැලිවැටේ, කන කන දේ මල වේ, ඇස් අස්ති දුබල වේ, දැනුම අමතකවේ යල්පැනයයි.දැන්  උනද හදවත් රෝගයකින් මියයාහැක. ඔබවටා ඇති රූප මව පියා මගේ කියා  උපාදානයෙන් දුකම හටගනී (වරදවා තේරුම් ගන්න එපා මවපියා වටා සමාජය ගැන අවබෝදයෙන් ඔවුන් සමග සිටිය යුතුයි). යම් දෙයක් අල්ලා ගැනිම  මායාවකි මගේ ගෙදර මගේ ජොබ් එක මගේ වාහනේ මේවා මගේ නම් කොහොමද නැති වන්නේ,විනාස වෙන්නේ. සියල්ල අපේ සිතයි අපිමයි සිතුවිලි මවාගෙන අප වටා ඇතිදේ උපාදානය කරගත්තේ අල්ල ගත්තේ මායාව මාරයා මෙයයි. උපාදාන අල්ලාගත් වස්තු නැතිවූ විට දුක පසුතැවිම හට ගනී. මේ පන්චස්කන්ධය කැබලි වලට කැපුවොත් මගේ මම කියන්නේ ඔබ මොකකටද. සියල්ල මනසින් මවාගත් මායා ජනක සිතුවිලි. 


අප හිතත් මේ වගේ අපට අයිති නැ, අපි සිතුවිලි වලින් උපාදානය කරගන කාම රාග පහලකරගෙන සිටින්නේ. මේවත් සැප වේදනාවට ඇතිකරගත් සිතුවිලිය. කය පන මහලුවේ කුනුවීයයි. පන පිටින්ම රෝගියෝන්ගේ ශරීර කුණුවේ. ඉතින් මේ ශරීර මගේද. චු බෑගය එල්ලාගෙන වකු ගහගෙන ශරීරය මගේනම් ඇවිදිය යුතුද. 


සිලයත් මායාවකි උපාධානයෙන් දුක පහලවේ. හේතු තිබෙනකම් මේ පංච උපාදානස්කන්දය තිබේ හේතුනැති  උන ගමන් නැතිවේ. මේලෝකය අනිතියයි ඔබ වටා  තිබෙන පෙනෙන සියල්ල විනාසවීයයි ඔබේ පන පවා. තන්හාව තිබෙනකම් කර්මය හා බව චිත්තය හට ගනී. 


මේසියල්ල මායාවක් හෙයින් දුකයි. අපට අයිතිනැත. විනාසවී යයි. නමුත්  අපි සිහියෙන් වර්තමානයේ සිටිය  යුතුයි. මේ අවබෝදය අපේ එදිනෙදා ජීවිතයට, වැඩ කටයුතු සාර්තකව ඉටුකරමින් ජීවත්වීමට උපකාර වේ . කලකිරීම හොදදෙයක් නොවේ කලකිරීම ඇතිවන්නේ හිත අදියුණු අයටයි. අපි තුන් ආකාර වේදනාවන් ගැන මායාව මාරයා ගැන මනා අවබෝදයෙන් එදිනෙදා වැඩ සාර්ථකව ඉටු කරමි සතියෙන් නැතහොත් වර්තමානයේ ජිවත් විය යුතුයි.  

අපි සැවොම රාමුවලට කොටුවී සිටින්නේ, ඇස,කන,නාසය,දිව,ශරිරය,සිතුවිලි මනෝ යන මෙ
රාමුවල සිට අප හිතන්නේ. මෙ රාමු මායාවයි මාරය යි. මේ රාමු වල සිට අප පිනවන්නේ තන්හාවෙන්. මෙරමුවලින් මිදී කෙලෙසුන් නැතිකළ තැන උප්පත්තිය නැතිවේ.

මම දොස්තර, මම එන්ගිනේරු, මම කුලී වැඩකරු, මම පොලිස් කියා සිතිමත් මායාවකි. මේ සියල්ල හදුනා ගැනීමේ සිතුවිලිය. මේවා අනිතියයි හරයක්නැත  මවාගත් සිතුවිලිය මේවාට ඇලෙන්න  එපා.

මම රාජ කුලේ, මම ගොවිගම , මම සැඩොල් යනුවෙන් සිතීමත් මනසේ මායා ජනක සිතුවිලිය. මේ කුණුවන ගද ගහන ශරීරයේ මොන කුලයන්ද . මේවා සියල්ල මාන්නිය ජනක මායා ජනක සිතුවිලිය. 

නිවන යනු උප්පත්තිය නතර කිරිමයි. මායාවෙන් මිදිමයි. දුක නැති කිරිමයි,  නිවනයනු සිතුවිලකී අප මවාගත් නමකි නමුත් එහි හරය  කෙලෙසුන් නසා උප්පතිය නතර කිරීමෙන් දුක බය සංසාරයෙන් මිදිමයි. 


බුදු දහම අනුව මාරයෝ පහක් සිටින අතර ඒ අතර වසවති මාරයාද වේ. ඉහත ලිපිය බුදු දහම විකුර්ති කිරීමක් නොවන අතර මාරයා ගැන මගේ අදහසයි .

සාදු!!! සාදු!!!! මෙ දැනුම ඔබට ධර්මා අවබෝදයටම හේතුවේවා.... 
























No comments:

Post a Comment