පින පාදා ගන්නා ක්‍රමය

පින යනු අප රැස්කල හොද කර්ම  ශක්තියයි.පින පාදාගැනීම කලයුත්තේ ඔබමය මෙයටත් බොහෝවිට ක්‍රියාව බලපායි. 

මනුස්සයෙක් රැකියාවට බුලත් විට  විකුණයි ඔහුට මෙයින් සුළු ආදායමක් ලබයි. නමුත් මොහු මේය දිගටම කළහොත් ඔහුට දුකසේ වාසය කිරිමට සිදුවේ. ඔහු අතරමග විට විකුණන ගමන් වාහන අලුත්වැඩියාව පිලිබදව ඉගන ගැනීමට සිතයි මෙය ක්‍රියාත්මක කරයි. ඔහු වාහන අළුත් වැඩියා කරන්නකු වී  ධනවෙතකු වෙයි. පින පෑ දේ 

සිතුවිලි ක්‍රියා බවට පත්වූ ආකාරය දුටුවාද. අපට මේආකාරයේ දියුණුවට බලපාන සිතුවිලි සිතට එයි. ඒවා සැලසුම් සහගතව ක්‍රියාත්මක කලයුතුය. 

මනුස්සයෙක්  හිගාකයි  ඔහු ඊට අමතරව ගෙදර රෙදි මසා විකිනිමට සිතයි. එය ක්‍රියාත්මක කරයි  ටික ටික ඔහු දියුණුවේ ව්‍යාපාරය දියුණු කරයි පොසේතෙකුවෙයි. එතනින් නොවති තව තව දියුණු විමට බලපාන සිතුවිලි ක්‍රියාත්මක කරයි පින පාදා ගනී.

නිකන් මුඩු  ඉඩමක් මනුස්යෙක්ට තිබේ ඔහු එහි වැනිලා සහ සාදිකා වවයි ඉටඅමතරව කාමර කිපයක් සදා කුලියට දෙයි ඔහු පෝසත් වේ පින පෑදේ.

පින යනු සැපතයි මෙය පාදා ගැනිමට එ එ  ඉන්ද්‍රින් සිතුවිලි පිනවීමත  අවශ්‍ය දේ ලැබිය යුතුයි. යම් ක්‍රීයාවකින්මයි සැප පාදාගත හැක්කේ. කොපමණ මේ සැපය පිනවුවත් නිමකළ නොහැක. සැප පින සමහුරුන්ට උත්ප්තියෙම්ම පහලවේ. එත් සමහරුන්ට සැපය පාදා ගතයුතුය මෙයට අවශදේ  රැස්  කිරීම සැපත පැදෙන   සිතුවිලි ක්‍රියාත්මක කිරිමයි. හිත හිත ලත  නොවෙන්න බියටපත් නොවෙන්න සැලසුම්සහගතව අන්අයගේ  උපකාර ඇතුව ක්‍රියාත්මක කරන්න.

ඉගනුම ලබන ළමයකුගේ සැපය පින පහළකර  ගන්නේ මනාව සැලසුම්ගතව විෂය  හැදෑරිමනි පාඩම් කිරීමෙනී එවිට එම විභාගය සමත් කල හැක. නමුත් ඒ ඉගනුම ලබනදේ ඵලදායි වියයුතුයි. එයින් මුදල් හෝ සැපත පින ගෙනදිය යුතුයි. කිසිදිනක කිසිවක් නොකොට එක තැන සිටියට පින පහල නොවේ. පින පහල කරගැනීමට ඔබ උට්ටාන විර්යෙන් සිතුවිලි ක්‍රියාත්මක කල යුතුය. 

බිය අලස ගතිය ලැජ්ජාව අනුවණකම පින හරස් කරයි. මේවා සැපයට බාදාය.

බුදුන් දේශනා කල ධර්මය අවබෝදයටද පින අවශ්ෂයි. එයට මනාව එම විෂය හැදෑරිය යුතුය. 

බුද්ධ දේශනාවලින් පින පහළකර ගනනා කථා වස්තුවට  නිදසුන මී කුණේ දේශනාවයි..... 

එම ජනවැසීයාට මිකුන හම්බවී එය එතන විසිකර එතැනීම් නික්මුනානම් ඔහුට කිසිවිටක සිටුවරයෙක් විය නොහැක. ඔහු මී කුන විකුණා  හකුරු මිලටගෙන ජලය සමග විකුණා දර මිලට ගෙන විකුණා  ටිකෙන් ටික
සිටුවරයකු වුනි. මෙසේ මේ  සැපයට බලපාන සිතුවිලි ක්‍රියාත්මක කිරිමෙන් ඔහු මේ ඉහල ධනවත් තත්වයට පත් විය. 

බුදුන් දෙසූ පරිදී චිත්ත ශාන්තියට මුල්වන්නේ අත්හැරීමයි. අප සැපයටත් දුකටත් මැදුම් බවටත්  ඇලෙන්න හොද නැත. අප බුද්ද දේශනා වලට   අනුව අප මැදුම්පිලිවත අනුගමනය කරමින් අරි අටගිමගේ ගමන් කල යුතුය. මේ ඉන්ද්‍රින්  කොපමණ පිනවැව්වත් නිමක් නැත. පිනවන්න පිනවන්න තණ්හාවෙන් එම ඉන්ද්‍රින්ට බැදේ. මේ දියුණු වන තාක්ෂනයත් කොපමණ දියුනුවුවත් තණ්හාවේ  පිනවිමට හා ඉන්ද්‍රින් පිනවිමට සිමාවේ. 
 
අප ගිහියන් නිසා ඉදුරන් නොපිනවා ජිවත් විමට අපහසුය. මම සිතනවා මෙම ලිපිය ඔබට පින පාදා ගැනීමට උපකාර වෙයි බව. සාදු!!! සාදු!!! සාදු!!





මයලෝක ලිපිය කියවමු ``````````````> මායා ලෝක

No comments:

Post a Comment